පසු උරුමය නම් කිරීම
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපත
- ඥාතීත්වය තහවුරු කෙරෙන ලේඛන ( පසු උරුමකරු ලෙස නම් කරන්නේ දරුවෙකු නම් එම අයගේ උප්පැන්න සහතික/ බිරිඳ හෝ ස්වාම් පුරුෂයා නම් විවාහ සහතිකය)
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්
ඔබ සතුව ඇත්තේ දීමනාපත්‍රයක් ( ඔප්පුවක් ) නම්,
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- දීමනාපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක්
- දීමනාපත්රයට අදාල පත්ඉරුව

- ලියාපදිංචිය සඳහා අවශ්‍ය මුද්දර
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉ.කො. 155 ආකෘති පිටපත් 03 ( කාර්යාලයෙන් ආකෘතිපත්‍ර ලබා ගත හැක)
මුල් අයිතිය ලබා ගැනීම
ඔබ සතුව ඇත්තේ බලපත්‍රයක් නම්,
- ඉල්ලීම් ලිපිය.( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපත.
- ඉල්ලුම්කරු නම් කල පසු උරුමකරුවෙකු නම් ඥාතීත්වය තහවුරු කෙරෙන ලේඛන. (උප්පැන්න සහතික / විවාහ සහතිකය)
- එසේ නොමැති නම් ඉල්ලුම්කරු 3 වන උපලේඛනයට අනුව නිවැරදි බවට තහවුරු කර ගැනීම. ( පවුලේ ගැහැණු හා පිරිමි දරුවන් දෙපාර්ශවයම සිටී නම් වැඩිමල් පිරිමි දරුවාගේ උප්පැන්න සහතික / ගැහැණු දරුවන් පමණක් සිටී නම් වැඩිමල් ගැහැණු දරුවාගේ උප්පැන්න සහතික)
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්.
- බලපත්‍රකරුගේ හා බලපත්‍රකරුගේ කලත්‍රයාගේ ( බිරිඳ / ස්වාමි පුරුෂයා ) මරණ සහතික.
ඔබ සතුව ඇත්තේ දීමනාපත්‍රයක් ( ඔප්පුවක් ) නම්,
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- දීමනාපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක්
- දීමනාපත්රයට අදාල පත්ඉරුව
- ඉල්ලුම්කරු නම් කල පසු උරුමකරුවෙකු නම් ඥාතීත්වය තහවුරු කෙරෙන ලේඛන (උප්පැන්න සහතික / විවාහ සහතිකය)
- එසේ නොමැති නම් ඉල්ලුම්කරු 3 වන උපලේඛනයට අනුව නිවැරදි බවට තහවුරු කර ගැනීම ( පවුලේ ගැහැණු හා පිරිමි දරුවන් දෙපාර්ශවයම සිටී නම් වැඩිමල් පිරිමි දරුවාගේ උප්පැන්න සහතික / ගැහැණු දරුවන් පමණක් සිටී නම් වැඩිමල් ගැහැණු දරුවාගේ උප්පැන්න සහතික)
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්
- දීමනාපත්‍රකරුගේ හා දීමනාපත්‍රකරුගේ කලත්‍රයාගේ ( බිරිඳ / ස්වාමි පුරුෂයා ) මරණ සහතික
- ලියාපදිංචිය සඳහා අවශ්‍ය මුද්දර
ජීවිත භුක්තිය නම් කිරීම
ඔබ සතුව ඇත්තේ බලපත්‍රයක් නම්,
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපත
- ඥාතීත්වය තහවුරු කෙරෙන ලේඛන (විවාහ සහතිකය හෝ විවාහ සහතිකය නොමැති නම් දරුවන්ගේ උප්පැන්න සහතික)
- බලපත්‍රකරුගේ මරණ සහතිකය
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්
ඔබ සතුව ඇත්තේ දීමනාපත්‍රයක් ( ඔප්පුවක් ) නම්,
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- දීමනාපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක්
- දීමනාපත්රයට අදාල පත්ඉරුව
- ඥාතීත්වය තහවුරු කෙරෙන ලේඛන (විවාහ සහතිකය හෝ විවාහ සහතිකය නොමැති නම් දරුවන්ගේ උප්පැන්න සහතික)
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්
- දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය
- ලියාපදිංචිය සඳහා අවශ්‍ය මුද්දර
ඉඩමේ අයිතිය පැවරීම හෝ බැහැර කිරීම
ඔබ සතුව ඇත්තේ බලපත්‍රයක් නම්,
(බලපත්‍රය පැවරිය හැක්කේ ලේ ඥාතීත්වක් යටතේ පමණි)
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපත
- ඥාතීත්වය තහවුරු කෙරෙන ලේඛන (විවාහ සහතිකය, උප්පැන්න සහතික )
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්
ඔබ සතු බලපත්‍ර ඉඩම වෙනත් බාහිර පාර්ශවයකට අන්සතු කර අත්නම්,
එම බලපත්‍රය අවලංගු කල යුතුය. ඒ සඳහා පහත ලේඛන ඉදිරිපත් කල යුතුය.
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- බලපත්‍රයේ මුල් පිටපත හා ඡායා පිටපත
- ඔබ සතුව පවතින වෙනත් ඉඩමක ඔප්පුවේ/බලපත්‍රයේ ඡායා පිටපතක්
ඔබ සතුව ඇත්තේ දීමනාපත්‍රයක් ( ඔප්පුවක් ) නම්,
- පැවරුම්කරු හා පැවරුම්ලාභි ඉල්ලීම් ලිපි ( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- දීමනාපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක්
- දීමනාපත්රයට අදාල පත්ඉරුව
- පැවරුම්ලාභියා ලේ ඥාතියෙකු නම් ඒ බව තහවුරු කෙරෙන ලේඛන ( උප්පැන්න සහතික / විවාහ සහතික)
- බාහිර පාර්ශවයකට පවරන්නේ නම් පැවරුම්ලාභියා ගොවි පන්තියේ පුද්ගලයෙකු බව තහවුරු කෙරෙන ලේඛන ( කාර්යාලයෙන් ලබා දෙන ආකෘතිය තුලාන භාර ග්‍රාම නිලධාරි මඟින් සම්පූර්ණ කර බාර දිය යුතුය)
- පැවරුම්කරු, කලත්‍රයා හා අවුරුදු 18ට වැඩි දරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ ( අදාල ආකෘති කාර්යාලයෙන් ලබා දෙනු ලැබේ)
- පැවරුම්ලාභියාගේ දිවුරුම් ප්‍රකාශ ( අදාල ආකෘති කාර්යාලයෙන් ලබා දෙනු ලැබේ)
- පැවරුම්ලාභියා පිළිබඳ ග්‍රාම නිලධරි වාර්තාව ( කාර්යාලයෙන් ලබා දෙන ආකෘතිය තුලාන භාර ග්‍රාම නිලධාරි මඟින් සම්පූර්ණ කර බාර දිය යුතුය)
- මැනුම් සිතියම ( ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පමණක් අදාල වේ)
- පැවරුම්කරු, පැවරුම්කරුගේ කලත්‍රයා හා අවුරුදු 18ට වැඩි අවිවාහක දරුවන්ගේ කාර්යාල ප්‍රකාශ ලබා දිය යුතුය ( ඒ සඳහා පසුව කාර්යාලයට කැඳවනු ලැබේ)
- අවශ්‍ය ලේඛන වල නම් වල පරස්පරතා තිබේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකශයක්
දීමනාපත්‍රයක් මූල්‍ය ආයතනයක උගසට තැබීම
- ඉල්ලීම් ලිපිය( ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව)
- දීමනාපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක්
- දීමනාපත්රයට අදාල පත්ඉරුවේ සහතික කරන ලද ඡායා පිටපතක්
- අදාල මූල්‍ය ආයතනයේ ඉල්ලීම් ලිපිය